බොරැල්ල පොලිස් වසමේ, සර්පන්ටයින් මහල් නිවාසයේ තුන්වන මහලෙන් බිමට වැටී ඊයේ(13) දහවල් කාලයේ දරුවෙක් බරපතළ තුවාල ලබා තිබේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 16ක් වූ මැගසින් පාර, බොරැල්ල යන ලිපිනයේ පදිංචිව සිටි දරුවෙකි.
දරුවා නිවසේ නොමැති බව දැන ගැනීමෙන් අනතුරුව තුවාල ලැබූ දරුවාගේ මව ඔහු පිළිබඳව සොයා ඇත.
පසුව ඔහු නිතර යන එන තැනක් වන බැවින් අදාළ මහල් නිවසේ තුන්වන මහලේ පිහිටි නිවස වෙත ගොස් කතා කිරීමේ දී නිවස තුළ සිටි දරුවා කලබලයට පත්ව පිටුපස ජනේලයෙන් පිටතට පැමිණ බිත්තියේ තිබෙන ග්‍රිල් ආධාරයෙන් බිමට බැසීමට උත්සාහ දරා තිබේ.
එම අවස්ථාවේ දී දරුවා අනතුරට ලක්ව ඇති අතර, පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මේ වනවිට දරුවා හදිසි ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
from TODAY NEWS LK https://ift.tt/VesU0QX
via IFTTT


