ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ඉවතට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අමෙරිකානු ඩොලර් 180,000ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6ක) මුදලක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් පිරිනමයි. එහෙත් ක්‍රීඩක පිරිසට ගෙවන මේ මුදල ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම නිමාවන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇත. ජගත් ක්‍රිකට් තහනම නිමා වූ වහාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ මුදල නිදහස් කරන බව සඳහන් වේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ මූලික වටයේ අවසන් තරගයේදී නවසීලන්තය හමුවේ කඩුලු 5ක පරාජය ලැබීමත් සමඟ එදිනම මධ්‍යම රාත්‍රියේම ශ්‍රී ලංකා පිල ඉන්දියාවෙන් පිටත් කිරීමට අයිසීසීය පියවර ගත්තේය. තරග නීති රීති අනුව මූලික වටයෙන් ඉවතට යන සෑම කණ්ඩායමක්ම කඩිනමින් යැවීමට අයිසීසීය පියවර ගනී.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා පිල නෙදර්ලන්තය හා එංගලන්තය සමඟ පැවති තරග දෙක ජය ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 40,000 බැගින් ශ්‍රී ලංකාවට පිරිනැමුණු අතර, තරගාවලියේ මූලික වටයෙන් ඉවත් වන සෑම කණ්ඩායමකටම පිරිනැමෙන අමෙරිකානු ඩොලර් 100,000ක මුදල ද මේම මුදලට එකතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාව මේ තරගාවලියේ මූලික වටයේ තරග 9කට සහභාගී වූ අතර ඉන් තරග 7ක් පරාජය වී 2ක් පමණක් ජය ගැනීමට සමත් විය.
from TODAY NEWS LK https://ift.tt/a86Qbng
via IFTTT


