Loading..

ජනපති හෙළිකළ අයවැය රහස

ඉදිරි අයවැයෙන් 55%ක කොටසක් වෙන්කර ඇත්තේ ණය පොලී ගෙවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“මේ සැරේ අයවැය කරන්නේ අමාරු තත්ත්වකින් ණයකරුවන්ගේ බේරිලා ඉදිරියට යායුතුයි අපිට ණය ගෙවන්න කල් දුන්නාට ණය ආපසු ගෙවන්න ශක්තිය තියෙනවාද කියලා බලනවා අපි අයවැයෙන් විශ්වාසය දිනාගත යුතුයි අපිට ණය ගෙවන්න පුළුවන් කියලා ඉදිරි අයවැයෙනුත් ණය පොලී ගෙවන්න කොටසක් වෙන්කළා ණය පොලී සඳහා අයවැයෙන් 55%ක් වෙන්කළා රු.බිලියන 2500ක් ණය පොලිය ලෙස ගෙවිය යුතුයි රුපියලේ වටිනාකම ආරක්ෂා කරගෙන ගෙවිය යුුතුයි රුපියල වැටෙන්න බැහැ මුදල් මුද්‍රණය කරන්න බැහැ බැංකුවෙන් ණය ගන්නත් බැහැ අත් දෙකම බැදලා අත් බැදගෙනයි මේක ගෙවන්න ඕනේ වැට් බද්ධ 18%ක් වෙනතුරු වැඩි කරන්න වුණා ඡන්දයක් ළඟ තියෙද්දි මෙය කිරීම අමාරුයි නොකෙරුවොත් සියලුදෙනාගේම අනාගතය නැති වෙනවා”



from TODAY NEWS LK https://ift.tt/DAgaEqN
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.