Loading..

ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙක් අතුරුදහන්

කුරුණෑගල ප්‍රදේශයේ ජාතික පාසලක ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් අතුරුදහන් වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම දරුවා පසුගිය16 වනදා පාසලට ගොස් ඇති අතර එතැන් සිට අතුරුදන් වී ඇති බවයි.

මොහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙක් වන අතර ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටිමින් අධ්‍යාපන කටයුතුවල නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ සිසුවා තවත් පුද්ගලයෙකු සමඟ 16 වනදා කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් ගෙන ඇති බවයි එම මාර්ගයේ සීසීටීවී කැමරා දර්ශණවල සටහන් තිබෙන්නේ.

අනුරාධපුර, දිවුල්වැව හා කුරුණෑගල කටුපොත යන පොලිස් ස්ථාන මඟින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් පවතිනවා.



from TODAY NEWS LK https://ift.tt/3tHRQLq
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.