Loading..

වාහන ලක්ෂ 23ක ලියාපදිංචිය අත්හිටුවීමට තීරණය කරයි

දැනට ලියාපදිංචිව ඇති එහෙත් වසර ගණනාවක් තිස්සේ ආගිය අතක් නැති වාහන ලක්ෂ විසි තුනක් පමණ තහනම් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ අනුව වසර තුනකට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර අලුත් කරගෙන හෝ පැවරීමකට යොමුව නැති වාහන සම්බන්ධයෙන් තදින්ම කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට වාහන අසූ තුන් ලක්ෂයක් ලියාපදිංචිව ඇතත් වාර්ෂිකව වාහන ආදායම් බලපත්‍ර අලුත් කරගැනෙන්නේ වාහන පනස් පන් ලක්ෂයක් පමණක් බවත් ඒ බව වාහන ආදායම් බලපත්‍ර අලුත්කර ගැනීමට අවශ්‍ය දුම් සහතික ලබා ගැනීමෙන් තහවුරු වන බවත් කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

ඒ හැරුණු විට ආදායම් බලපත්‍ර අලුත්කර ගැනීමට දුම් සහතික අවශ්‍ය නොවන විට හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික්, ඉඩම් වාහන මෙන්ම 1975 වසරට පෙර ලියාපදිංචි වූ වාහන ලක්ෂ පහක පමණ සංඛ්‍යාවක් භාවිතයේ තිබෙන බවත් ඒ අනුව සමස්තයක් වශයෙන් ගතහොත් වාහන ලක්ෂ හැටක් පමණ සංඛ්‍යාවක් භාවිතයේ පවතින බවට අනුමාන කළ හැකි බවත් ඔහු කීවේය.



from TODAY NEWS LK https://ift.tt/SNEvGhs
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.