මහියංගණය පොලොන්නරුව මාර්ගයේ අලුත්තරම ප්‍රදේශයේ තිබි බිළිදු මළ සිරුරක් හමුවී තිබෙනවා.
බස් නැවතුම් පොල ආසන්නයේ කුඩා දරුවෙකු ගේ බවට සැක කළ හැකි මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් මත ගිරාඳුරුකෝට්ටේ පොලිසිය කළ සොයා බැලීමක දී යි මෙම සිරුර හමුවී ඇත්තේ.
ඒ ආසන්නයේ කලු පැහැති බෑගයක් ද හමුවී ඇති අතර එම බෑගයේ රැගෙනවිත් මෙම ස්ථානයේ සිරුර දමා යන්නට ඇති බවට සැක කෙරෙනවා.
බිළිඳාගේ මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව එය මහියංගණය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
මෙම සිරුර දිනක් පමණ වයසැති බිළිදෙකු ගේ බවට විශ්වාස කෙරෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබුණි.

from TODAY NEWS LK https://ift.tt/mUSp0nL
via IFTTT

