දුර්ලභ වර්ගයේ සුදු නාගයකු අම්බලන්ගොඩ බටපොළ ප්‍රදේශයෙන් පසුගියදා හමු වී තිබේ.
ශ්‍රී ලංකාවෙන් හමු වන උග්‍ර විෂ සහිත සර්පයකු වන මේ නයාගේ විශේෂත්වය වන්නේ ඇළි බව නොහොත් ‘ඇල්බිනෝ’ තත්ත්වයයි.
පැහැදිලි ලෙස හඳුනාගත හැක්කේ සාමාන්‍යයෙන් වාර්තා වන නයන්ගේ ඇස් කළු පැහැති වන නමුත් මේ ඇල්බිනෝ හෙවත් ජානමය විකෘති වීම හේතුවෙන් මේ සතුන්ගේ ඇස් රෝස පාට හෝ රතු පැහැති වර්ණයක් ගැනීමයි.
මෙවැනි සතුන් හමු වන්නේ අතිශය කලාතුරකින් වන බැවින් මෙවැනි දුර්ලභ සතුන් ආරක්ෂා කරගැනීමට දායකත්වය දෙන මෙන් සත්ත්වවේදීහු ඉල්ලා සිටිති.
from TODAY NEWS LK https://ift.tt/TUoDyF0
via IFTTT


