Loading..

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී වලාකුළු සහිත අහසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර, ඌවසහ උතුරු මැද පළාත්වලත් මුලතිව් සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.



from TODAY NEWS LK https://ift.tt/BjEICKw
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.