රජයේ විශ්‍රාම වැටුප් හිමියන් ලක්‍ෂ හතකට අධික සංඛ්‍යාවක් විශේෂ දීමනාව නොලැබීමෙන් සහ විශ්‍රාම වැටුප සකස් කිරීම ප්‍රමාද වීමෙන් අපහසුතාවට පත්ව සිටින බව විශ්‍රාම වැටුප් හිමියෝ පවසති.
ඇතැම් රාජ්‍ය සේවකයන් විශ්‍රාම ලබා වසරකට වැඩි කාලයක් ගතවී තිබුණ ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එය සකස් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරන බවත් 2016 වසරෙන් පසුව විශ්‍රාම ලැබූවන්ට දෙන්නේ යැයි ප්‍රකාශ කළ විශේෂ දීමනාව මේ දක්වා නොලැබුණු බවත් විශ්‍රාමිකයෝ කියති.
මෙම වසරේ පෙබරවාරි මස විශ්‍රාම වැටුප් දීමනාව ඊයේ (8) නිකුත් කළ ද එම විශේෂ දීමනාව මේ දක්වා ඇතුළත් කර නොමැති බව ද විශ්‍රාම වැටුප් හිමියෝ සඳහන් කරති.
from TODAY NEWS LK https://ift.tt/qwvuJZT
via IFTTT


