Loading..

අධ්‍යාපනයේ පෙරළිකාර වෙනසක්! පූර්ව ශ්‍රේණිය නමින් නව ශ්‍රේණියකට සියලුම සිසුන් යොමු කිරීමට සැරසෙයි!

කුඩා දරුවන් වෙනුවෙන් පළමු ශ්‍රේණියට පෙර “පූර්ව ශ්‍රේණිය” ආරම්භ කිරීමට සූදානමින් සිටින බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසනවා.

වර්තමානයේ බිහිවන දරුවන්ට ඕනෑම දෙයක් ඉතා ඉක්මණින් අවබෝධ කර ගැනීමට ඇති හැකියාව පදනම් කරගනිමින් මෙම තීරණයට එළඹ ඇති බවයි ඔහු පැවසුවේ.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.
“දැනට අපි උසස් පෙළ විභාගය පවත්වන්නේ ශ්‍රේණි දහතුනකට පස්සේ. ඉදිරියේදී අපි ඒක ශ්‍රේණි දොළහෙන් පවත්වනවා. ඒ වගේම දැනට සාමාන්‍ය පෙළ විභාගය පවත්වන ශ්‍රේණි එකොළහෙන්. ඒකත් අපි දහය ශ්‍රේණියෙන් පවත්වනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ විශ්ව විද්‍යාල වලට ඇතුළත් වන දරු පරම්පරාව අවුරුද්දකට කලින් අඩු වයසින් පිට කිරීම තමා. ඒක තුළ දැනට තියෙන පළවෙනි ශ්‍රේණියේ ඉඳලා දහතුන ශ්‍රේණිය දක්වා අවුරුදු 13ක් දොළහට බහිනවා නෙමෙයි. ඒ වෙනුවට අපි පූර්ව ශ්‍රේණිය කියලා තව ශ්‍රේණියකුත් පටන් ගන්නවා පළමු ශ්‍රේණියට පහළින්. ඒක තුළ අවුරුදු හතරක් නිමා වෙච්ච දරුවෝ අපි මේ පූර්ව ශ්‍රේණියට ඇතුලත් කරගන්නවා. ඒක තුළ අවුරුදු 13ක් පාසල තුළ ඉන්නවා. ඒ වුනාට ඒ වුණාට 1 ඉඳලා 13 දක්වා නෙමෙයි පූර්ව ශ්‍රේණියේ සිට 12 දක්වා අවුරුදු 13ක් මෙයාලා පාසල් තුළ ඉඳීවි.”



from TODAY NEWS LK https://ift.tt/ZlXo97r
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.