Loading..

මැණික් ආරවුලකට හිමිනමක් ඝාතනය කළ වෙඩික්කරු පොලිසියෙන් වෙඩි කා නසී

ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත්තේ ඔහු විසින් සඟවා තිබූ ආයුධ සොයාගැනීම සඳහා ගොස් සිටියදී පළා යාමට උත්සහ දැරීමේදීයි.

පසුගිය ජනවාරි 23 වැනිදා ගම්පහ මල්වතුහිරිපිටිය – කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන මෙම පුද්ගලයා මොණරාගල – හම්බේගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සඳහන්.

සැකකටයුතු පුද්ගලයෙකු ප්‍රදේශයේ සිටින බවට හම්බෙගමුව පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

32 හැවිරිදි සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.



from TODAY NEWS LK https://ift.tt/ZiFuNHr
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.