Loading..

බංගලි මාධ්‍යයට ධනංජයගෙන් සැර පිළිතුරක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය චැටොග්‍රෑම් හිදි හෙට (30)ආරම්භ වීමට නියමිතය.

තරග 2කින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන සිටින්නේ පළමු ටෙස්ට් තරගය ලකුණු 328 ක විශිෂ්ට ජයක් හිමිකරගනිමින්. 

දෙවන ටෙස්ට් තරගය සඳහා ශකීබ් අල්හසන් යළි බංග්ලාදේශය පිලට කැඳවීම සම්බන්ධයෙන් අද (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ධනංජය ද සිල්වා ලබාදුන්නේ මෙවන් පිළිතුරකි.

ප්‍රශ්නය – ශකීබ් තරගයට කැඳවීම ගැන මොකද හිතන්නේ?

ධනංජය ද සිල්වා – “මට දැන් කිසිදෙයක් කියන්න බැහැ.”

ප්‍රශ්නය – ඔයා දැන් ශකීබ් ගැන කිසිම දෙයක් කියන්නේ නැද්ද?

ධනංජය ද සිල්වා – “මම මොකටද කියන්නේ? එයා මගේ කණ්ඩායමේ නෙමෙයි. බංග්ලාදේශ කණ්ඩායමෙන් තමයි අහන්න ඕනේ.”

ප්‍රශ්නය – ශකීබ් ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයෙක්

ධනංජය ද සිල්වා – “මම මොකටද ඔහු ගැන කතා කරන්නේ. එයා මගෙන් ශකීබ් ගැන අහනවා. සමහර විට ඔයා මාව වැරදියට තේරුම්ගෙන ඇති.”



from TODAY NEWS LK https://ift.tt/WOynV5e
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.