Loading..

අද පළාත් කිහිපයක උෂ්ණත්වය සිරුරට අහිතකර මට්ටමට ළඟා වෙයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේ දී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ, බස්නාහිර සහ දකුණු, සබරගමුව පළාත්වල සහ අනුරාධපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවද ජනතාවට දන්වා තිබේ.



from TODAY NEWS LK https://ift.tt/ht8RgjA
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.