Loading..

අද කාලගුණය

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (10) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවය.

බස්නාහිර, සබරගමුව සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුටත් පැවසීය.



from TODAY NEWS LK https://ift.tt/HzVtkfE
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.