Loading..

පංජාබය 20 – 20 ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියයි! දුෂ්මන්ත චමීරට පළමු තරගයේදී අමිහිරි පරාජයක්!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 8ක සුපිරි ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 261ක් වාර්තා කළා.

කොල්කටා කණ්ඩායම වෙනුවෙන් මූලික අඩිතාලම දැමූ ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 10යි පන්දු දෙකක් තුළදී ලකුණු 138ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුණා.

පිල් සෝල්ට් පන්දු 37කදී ලකුණු 75ක් සහ සුනිල් නරේන් පන්දු 32කදී ලකුණු 71ක් ලබා ගැනීමට සමත් වුණා.

වෙන්කටේෂ් අයියර් ලකුණු 39ක්, රයස් අයියර් ලකුණු 28 ක් හා අන්ඩ්‍රි රසල් ලකුණු 24 ක් රැස් කළ අතර පන්දු යැවීමේ දී අර්දීප් සිං ලකුණු 45 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 262 ක දැවැන්ත ඉලක්කයක් පංජාබ් පිලට හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 18.4 කදී කඩුලු දෙකක් දැවී පසු කර යමින්, කණ්ඩායමක් විස්සයි 20 තරග ඉතිහාසයේ දී සාර්ථක ලෙස හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව බිද දැමීමට සමත් වුණා.

පන්ජාබ් පිල වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජෝනී බෙයාර්ස්ටව් පන්දු 49කදී නොදැවී ලකුණු 108ක් ලබා ගැනීමට සමත් විය.

මෙම තරගයේදී කණ්ඩායම් දෙක විසින් හයේ පහර 42ක් එල්ල කළ අතර එය ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූයේ විස්සයි විස්ස ඉතිහාසයේ තරගයකදී වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසයි.

මෙවර තරගාවලියේ කොල්කටා කණ්ඩායම නියෝජනය කරමින් තම පළමු තරගයට සහභාගී වූ දුෂ්මන්ත චමීර යොමු කළ පන්දුවාර තුනට ලකුණු 47ක් ලබා ගැනීමට පංජාබ් කණ්ඩායම සමත් විය.



from TODAY NEWS LK https://ift.tt/BJVP7Cc
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.