මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේනට එරෙහිව මහබැංකු අධිපතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
කුමාර ධර්මසේන පවත්වාගෙන යනු ලබන වගා ව්‍යාපෘතියට ආයෝජනය කරන ලෙස ජනතාවගෙන් මුදල් තැන්පතු බාරගැනීම සිදු කරනු ලබන්නේ මහ බැංකුවේ බලපත්‍රයක් නොමැතිව බවට පවසමින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
ඔහු පෙන්වා දෙන්නේ අදාළ ආයතනය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ දෙවන වගන්තියේ විධි විධාන උල්ලංඝනය කර ඇති බවයි.
නමුත් එම ආයතනය ජනතාවගෙන් මුදල් තැන්පතු බාරගැනීම අඛණ්ඩව සිදු කරගෙන බවත් ඒ සම්බන්ධයෙන් දැන්වීම් පළ කිරීම සිදු කරන බවත් අදාළ පැමිණිල්ලේ සඳහන්.
මෙම ආයතනය සමඟ ගනුදෙනු කරන ජනතාව ආරක්ෂා කිරීම සඳහා මහ බැංකුව අරඹා තිබෙන විමර්ශන කඩිනම් කරන ලෙසයි මෙම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
මහ බැංකුව පසුගියදා පවත්වන ලද මාධ්‍ය හමුවකදී මහ බැංකුවේ සහකාර අධිපති කේ.ජී.පී.සිරිකුමාර මහතා සඳහන් කළේ, එම විවිධ ආයෝජන සමාගම් සම්බන්ධව තම බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
from TODAY NEWS LK https://ift.tt/IdyUf4X
via IFTTT


