ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි IOC ඉන්ධ මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීමට තීරණය කර තිබෙන අතර එහි නව මිල රුපියල් 440ක්.
එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 386කි.
භූමිතෙල් මිල ලීටරයක රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 245ක් වනවා.
කෙසේ වෙතත් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් වල සහ ඔටෝ ඩීසල් වල මිලෙහි වෙනස් සිදු වී නැහැ.
එමෙන්ම සයිනොපෙක් ඉන්ධන මිල ගණන්ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සංශෝධනය කර තිබෙනව බවට වාර්තා වනවා.
from TODAY NEWS LK https://ift.tt/1lGLXCf
via IFTTT


