සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දූ දරුවන් වෙනුවෙන් රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව හෙට (13) දින කෙරෙනවා.
නිවසින් හෝ ආදරණීය දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවෙකුට ම අවුරුදු සතුට ලබාදීම වෙනුවෙන් “ළමා නිවාසවල සිටින දූ දරුවන්ටත් අවුරුදු” මැයෙන් ජනාධිපති කාර්යාලය විසින් “සිලෝන් බිස්කට් සමාගම ” ඇතුළු පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබනවා.
ඒ, අනුව දිවයින පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් 10,000කට අධික පිරිසක් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය සමඟ රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ පෞද්ගලික මැදිහත්වීමෙන් දීර්ඝ කාලයක් පුරා නුවරඑළිය ප්‍රදේශයේ ළමා නිවාසවල දරුවන්ට අවුරුදු තෑගි බෙදාදීම සිදුකරන අතර, මෙවර එම වැඩපිළිවෙල තවදුරටත් ව්‍යාප්ත කරමින් රට පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන්ට මෙලෙස අවුරුදු තෑගි ලබාදීමට උපදෙස් දී තිබෙනවා.
from TODAY NEWS LK https://ift.tt/voWsXjm
via IFTTT


