Loading..

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්! මහ බැංකු අධිපතිගෙන් පළමුවරට සුබවාදී පිළිතුරක්!

රජය විසින් වාහන ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නේ නම් ඒ සඳහා සංචිත ප්‍රමාණය කළමනාකරණය කරගැනීමට මහ බැංකුවට හැකියාව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

වාහන ආනයනය ක්‍රමානුකූලව ලිහිල් කිරීම වැදගත් තීරණයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

“සමහර වාහනවලට දැනටමත් ඉඩදීලා තිබෙනවා. වාහන ආනයනය ක්‍රමානුකූලව ලිහිල් කරන එක වැදගත් තීරණයක්. විදේශ විනිමය කළමනාකරණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තිබෙනවා.” 

The post වාහන ආනයනය ගැන සුබ ආරංචියක්! මහ බැංකු අධිපතිගෙන් පළමුවරට සුබවාදී පිළිතුරක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5wDmcjg
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.