Loading..

බාලවයස්කාර හිමි නමකට ලිංගික අපරාධ කළ 22 හැවිරිදි හිමිනම අත්අඩංගුවට

අනුරාධපුර පිහිටි විහාරස්ථානයක වැඩ සිටින වසය අවුරුදු 13ක බාලවයස්කාර හිමි නමකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන චීවරධාරියෙකු පසුගිය 16 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධව තවත් චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර නව නගරය ආසන්නයේ ඇති විහාරස්ථානයක වාසය කළ 22 හැවිරිදි චීවරධාරියෙක්.

පැමිණිලිකාර හිමිනම වෙනත් විහාරස්ථානයක පිරිවෙන් අධ්‍යාපනය ලබන අතර අවශ්‍යතාවයකට කලින් සිටි විහාරස්ථානයට වැඩම කළ අවස්තාවේ සිද්ධියට මුහුණ පා ඇති බවයි වාර්තා වෙන්නේ.

පැමිණිලිකාර බාලවයස්කාර හිමි නම මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් සැකකාර චීවරධාරියා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන්.

The post බාලවයස්කාර හිමි නමකට ලිංගික අපරාධ කළ 22 හැවිරිදි හිමිනම අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/AQ3Edik
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.