Loading..

මෝදි ජයට දිව්රුම් දෙද්දී, ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙයි

ජම්මු සහ කාශ්මීරයේ ඉන්දීය හමුදාවන් විසින් පාලනය කරනු ලබන ප්‍රදේශයකදී හින්දු බැතිමතුන් රැගත් බස් රථයකට ඊයේ (09) පස්වරුවේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එම ප්‍රහාරයෙන් බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් 9 දෙනෙකු මියගොස් ඇති බවත් තවත්  33 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ත්‍රස්තවාදීන් වෙඩි තැබීමත් සමග බස් රථය පාලනයෙන් ගිලිහී ගොස් අසල පිහිටි අගාධයකට පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.

වන්දනාකරුවන් ජම්මු -කාශ්මීරයේ ශිව් කෝරි ලෙන් විහාරය “Shiv Khori cave” වෙත යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක් ව ඇති බව සඳහන් වේ.

මෙම ප්‍රහාරය සිඳුවන විට නරේන්ද්‍ර මෝදි තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙසින් දිවුරුම් දෙමින් සිට තිබෙනවා.

The post මෝදි ජයට දිව්රුම් දෙද්දී, ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XJ9vckV
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.