Loading..

කරණීය මෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා

කෘතිම බුද්ධි තාක්ෂණය (AI) යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මඟින් කරණිය මෙත්ත සූත්‍රය විකෘති කර facebook හා Tik Tok සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට විවිධ පාර්ශ වලින් පැමිණිලි බුද්ධගාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

අදාල වීඩියෝව පිළිබඳ සොයා බලා එම විඩියෝව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ප්‍රචාරණයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

 බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබා දී ඇති බවත් එවැනි දර්ශන ඇතුළත් වීඩියෝ හුවමාරු කිරීමේන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.

The post කරණීය මෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/l9MWbCL
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.