Loading..

සරත් ෆොන්සේකා ජනපතිගෙන් මෙරට ඉතිහාසයේ කිසිවෙකු නොදැරූ ලොකු තනතුරක් ඉල්ලයි

තමාට ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන ‘මාෂර්ල්’ තනතුරක් ලබා දෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉල්ලීමක් සිදු කර ඇති බව ‘දේශය’ පුවත්පත වාර්තා කර තිබෙනවා.

උතුරේ යුද ජයග්‍රහණය සඳහා ෆොන්සේකා මහතා කරන ලද කැප කිරීම සලකා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුව ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත් කෙරිණි.

මෙවර ඔහු ඉල්ලීම් කර ඇති ‘මාර්ෂල්’ තනතුර මින් පෙර ලොව ප්‍රකට දේශපාලන නායකයින් හා හමුදා නායකයින් කිහිපදෙනෙකුම දරා තිබේ.

යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපති මාර්ෂල් ටිටෝ, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්, රුසියාවේ හිටපු නායක ජෝෂප් ස්ටාලින්, චීනයේ හිටපු නායක මාවෝ සේතුං, උතුරු කොරියාවේ හිටපු නායක කිම් ඉල්සුං, ජර්මනියේ හිටපු යුද නායකයකු වන හර්මන් ගෝරිං ඇතුළු ඉහළ පෙළේ නායකයන් රුසක්ම මෙයට පෙර මාර්ෂල් පදවියෙන් පිදුම් ලබා ඇත.

The post සරත් ෆොන්සේකා ජනපතිගෙන් මෙරට ඉතිහාසයේ කිසිවෙකු නොදැරූ ලොකු තනතුරක් ඉල්ලයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ShduNAn
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.