Loading..

කාලගුණය දරුණු වෙයි! දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (09දා) උදෑසන 05.30ට නිකුත්කරන ලද නවතම කාලගුණ වාර්තාව අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

ඉන් සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු සහ උතුරු-මැද පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

The post කාලගුණය දරුණු වෙයි! දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9tC815n
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.