ඕමානය ආසන්න මුහුදේ නෞකාවක් අනතුරට ලක් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය නිවේදනය කරන්නේ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය අතුරුදහන් බවයි.
අනතුරට පත්වන අවස්ථාවේ නෞකාවේ සේවයේ නියිතුව 16 දෙනෙක් සිටි බව සඳහන් වන අතර ඉන් 13 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් තිදෙනා ශ්‍රී ලාංකිකයන් බවට වාර්තා වනවා.
එම නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යාත්‍රා කරමින් තිබූ ඉන්ධන නෞකාවක් බවයි පැවසෙන්නේ.

The post තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදේ අනතුරට ලක්වෙයි! ලාංකිකයින් තිදෙනෙක් අතුරුදහන්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/N8TPfLF
via IFTTT


