Loading..

අස්වැසුම අතරමඟ නවතී

අස්වැසුම දෙවැනි අදියරට අදාළ තොරතුරු සංගණන කටයුතු අතරමග නතර කර තිබෙනවා.

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්නගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ මෙම සංගණන කටයුතු දිගටම සිදු කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසීමක් සිදුකර තිබෙන බවය.

සභාපතිවරයා සඳහන් කළේ ඊට අදාළ පිළිතුරු ලිපිය පසුගිය 29 වන දා මැතිවරණය කොමිෂන් සභාව වෙත යොමු කළ බවයි.

මෙම සංගණනය සඳහා දේශපාලඥයන් මැදිහත් නොවී රජයේ නිලධාරීන් සිදුකරගෙන යන කටයුත්තක් හේතුවෙන් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස එම ලිපිය මගින් අවසර ඉල්ලූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව එම ලිපියට ලැබෙන ප්‍රතිචාරය අනුව ඉදිරි කටයුතු සැලසුම් කරන බව සභාපතිවරයා අවධාරණය කළා.

අස්වැසුම දෙවැනි අදියර සදහා ලැබුණු ඉල්ලුම්පත් 450,000කට අධික ප්‍රමාණයට අදාළ තොරතුරු සංගණන කටයුතු අද (31) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණි.

මෙම සංගණනයෙන් අනතුරුව අස්වැසුම දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් තෝරා ගැනීමට නියමිත විය.

The post අස්වැසුම අතරමඟ නවතී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/yKJkBtr
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.