Loading..

ජනාධිපතිවරණය මෙම වසරේද? ලබන වසරේද? පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම එම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එළඹෙන සදුදා (08) සලකා බැලීමට නියමිතය.

අදාළ පෙත්සමේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම විනිසුරු මඩුල්ල නම් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයි රාජා යන මහත්ම මහත්මීන් නම් කර ඇත.

The post ජනාධිපතිවරණය මෙම වසරේද? ලබන වසරේද? පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/95qFhLt
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.