Loading..

ගුරිවරියගේ මුහුණට මිරිස් කුඩු ගසා මාලය කඩලා

පස්සර කොටමුදුන ප්‍රදේශයේ පාසල් ගුරුවරියකගේ ගෙල බැඳි මාලයක් කඩා ගත් බව කියන තරුණයෙක් ඊයේ (03) අලුයම හිඟුරුකඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර බුත්තල – පැල්වත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක් බව සඳහන්.

මෙම ගුරුවරිය පාසල නිම වී නිවසට යමින් සිටියදීයි සැකකරු එම මාර්ගයේ රැක සිට ඇයගේ මුහුණට මිරිස් කුඩු ගසා ගෙල බැඳි මාලය කඩාගෙන කැලෑවට දිවගොස් ඇත්තේ.

පසුව ගම්වාසීන් හා පොලිසිය එක්ව ඔහුව අල්ලා ගැනීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට එම ගුරුවරිය පොලිස් ස්ථානය වෙත පැමිණ පවසා ඇත්තේ තමා ගෙල බැඳ සිටි මාලය රන් මාලයක් නොවන අතර මාලය කඩාගෙන දිව යන අවස්ථාවේ දි කෑ ගසා එය ඉමිටේෂන් මාලයක් බව සැකකරු හට පැවසූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු පස්සර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

The post ගුරිවරියගේ මුහුණට මිරිස් කුඩු ගසා මාලය කඩලා appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SRh1tno
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.