ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මංගල ජන රැලිය අද (17) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව, ඒ මහතාගේ මංගල ජනරැලිය අද (17) පස්වරු 04.00 ට තංගල්ලේදී ආරම්භ වීමට නියමිතය.
එමෙන්ම අද දිනයේදී එම පක්ෂය විසින් දකුණු පළාත තුළම තවත් ජන රැලි දෙකක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර තිබේ.
ඉන් එක් රැලියක් පස්වරු 05.00ට මාතරදීත් අනෙක් රැලිය පස්වරු 06.00ට ගාල්ලේදීත් ආරම්භවීමට නියමිතය.
“රට අනුරට – රුහුණ පෙරට” මැයෙන් මෙම ජන රැලි සංවිධානය කර තිබේ.

The post අනුර කුමාරගෙන් අද පෙරළිකාර වැඩක්! පැය 3කදී දැවැන්ත ජන රැලි 3ක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/WFcEN5H
via IFTTT


