ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබා දීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතුවී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ජනාධිපතිවරණ ඡන්ද ලකුණු සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළ අතර එය කොටස් දෙකකින් සමන්විත විය.
එහි පළමු කොටසේ පිළිගත් දේශපාලන පක්‍ෂවල ලකුණු දක්වා තිබූ අතර දෙවන කොටසේ දක්වා ඇති ඡන්ද ලකුණු වෙනත් දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන අපේක්‍ෂකයන්ට ලබා ගත හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පැවසීය.
කෙසේ වෙතත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ස්වාධීන කණ්ඩායමක් ගෑස් සිලින්ඩරය සිය ඡන්ද ලකුණු ලෙස තෝරාගෙන තිබුණා.
එවැනි පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ලකුණ ලබා දීම ගැටලුකාරී තත්ත්වයක් බවටයි ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කළා.
නමුත් අදාළ ඡන්ද ලකුණු වෙනම ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් කිසිදු නීතිමය ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

The post ජනපති රනිල්ට ගෑස් සිලින්ඩරය සලකුණ අහිමි වෙයිද ? මැතිවරණ කොමිෂන් සභාවෙන් පැහැදිලි කිරීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/sW9HFKB
via IFTTT


