Loading..

රටක් බලා සිටි තරුෂි අටවෙනි තැනට! අද යළි තරග බිමට!

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ඊයේ (02) පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න එම තරගයේ 8 වන ස්ථානය හිමිකරගැනීමට සමත් වුණා.

එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 07යි දශම 76ක්.

ඒ අනුව සමස්ථ ක්‍රීඩි­කා­වන් 50කින් තරුෂිට හිමිවූයේ 45 වැනි ස්ථාන­යයි.

චේජ් වටයේ’ තර­ග­යට මෙලෙස සහභාගි වනු ඇති.

එය පළමු වටයේ දී අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් නොලැබූ තරගකරුවන්ට හිමිවන තවත් අවස්ථාවක් ලෙස සළකනු ලබනවා.

19 හැවි­රිදි තරු­ෂි කරුණාරත්නගේ මෙතෙක් හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව මිනිත්තු 2:00.66ක්.

මේ අතර මූලික වටයේ හොඳම දක්ෂ­තාව මිනිත්තු 1:57.90කින් වාර්තා කිරී­මට ඉති­යෝ­පි­යාවේ ටිසිගේ ඩුග්මා සම­ත් වූවා.

The post රටක් බලා සිටි තරුෂි අටවෙනි තැනට! අද යළි තරග බිමට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zVsjYhN
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.