Loading..

බංගලාදේශ විරෝධතාකරුවන් හිටපු ක්‍රිකට් නායකයාගේ නිවස ගිනිබත් කරයි

බංගලාදේශ අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ ෂෙයික් හසීනා ඇති වූ කළකිරීම හේතුවෙන් දේශපාලනයෙන්ද සමුසමුගැනීමට තීරණය කර ඇති බව ඇයගේ පුත් සජීබ් වසේඩ් ජෝයි පවසනවා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරෝධතාකරුවන් බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක මශ්රෆි මොර්ටාසාගේ නිවසට ගිනි තබා ඇති බවයි.

මෝර්ටාසා වසර ගණනාවක සිට හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය හා සම්බන්ධ වී දේශපාලන කටයුතුවල නිරත විය.

ඔහු Narail-2 මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙකු ලෙස 2018 වසරේදී පළමුවරට තේරී පත් විය.

එමෙන්ම මෙම වසර මුලදී පැවති මහ මැතිවරණයෙන්ද සිය මැතිවරණ කොට්ඨාසය ජය ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දෙවන වරටත් තේරී පත්වුණා.

මෝර්ටාසා බංගලාදේශය වෙනුවෙන් එක්දින තරග 220ක්, විස්සයි 20 තරග 54ක් හා ටෙස්ට් තරග 36ක් නියෝජනය කර තිබෙනවා.

The post බංගලාදේශ විරෝධතාකරුවන් හිටපු ක්‍රිකට් නායකයාගේ නිවස ගිනිබත් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/QvVGshO
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.