Loading..

ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායාරූප මුදා හැරි පුද්ගලයන් සොයා පොලිසියෙන් මෙහෙයුමක්

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මහතාගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව හෝමගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකු ගෙන් පමණ සාක්ෂි සටහන්කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසියේ සැක පළ කරන්නේ දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගී වූ වෛද්‍ය සිසුන් එම ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හරින්නට ඇති බවටයි.

එමෙන්ම ඝාතන සිද්ධියට සම්බන්ධ වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතන වලට ලැබීම සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදුණු ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ද ඒ පිළිබඳව කරුණු සටහන් කරගත් බවයි, පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

The post ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායාරූප මුදා හැරි පුද්ගලයන් සොයා පොලිසියෙන් මෙහෙයුමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/z785ZsH
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.