Loading..

මත්පැන් හල් වසා තැබෙන දිනයක් ගැන දැනුම්දීමක්

ලෝක අමද්‍යප දිනය යෙදී තිබීම හේතුවෙන් ඔක්තෝබර් මස 03වැනිදා මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය ගෙන තිබෙනවා.

එමෙන්ම මද්‍යසාර හේතුවෙන් රෝගී වූවන් වෙනුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 237ක් වැය කරන බවද එම ආයතනය සඳහන් කළා.

මේ අතර මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය(AIDC) සඳහන් කළේ මත්පැන් හේතුවෙන් වසරකට පුද්ගලයින් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ මිය යන බවයි.

මත්පැන් භාවිතය හේතුවෙන් මෙරට තුළ දෛනිකව අකල් මරණ 50ක් වාර්තා වන බව ADIC ආයතනය අවධාරණය කරන අතර වාර්ෂිකව සිදුවන අකල් මරණ සංඛ්‍යාව 15,000ත් 20,000ත් අතර අගයක් ගන්නා බවයි එම ආයතනය සඳහන් කළේ.

The post මත්පැන් හල් වසා තැබෙන දිනයක් ගැන දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/6Q21Aow
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.