හංවැල්ල, නෙළුවන්තුඩුව ප්‍රදේශයේදී ඊයේ(30) රාත්‍රී සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
එලෙස මියගොස් ඇත්තේ, 55ක් හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව පොලීසිය පවසයි.
එම පුද්ගලයා නිවසේ සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඔහුගේ මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
T-56 ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සැකකරයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
The post හංවැල්ලේ වෙඩිතැබීමක්! ව්‍යාපාරිකයෙක් මරුට! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/df6wtNY
via IFTTT


