Loading..

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක නවසීලන්ත – 9 ශ්‍රී ලංකා පන්දුවාර 20 තරගාවලියේ ඊයේ (09) පැවති පළමු තරගයෙන් කඩුලු 04ක් ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් පන්දුවාර 19යි පන්දු 03 අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 135 ක් රැස් කරගත්තා.

නවසීලන්ත පිලේ පළමු කඩුලු 8 ලකුණු 96කදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය.

නවසීලන්තය වෙනුවෙන් 9 වැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් ගොඩ නැගීමට ඉෂ් සෝදි සහ සැක් ෆෝක්ස් සමත්වුණේ නවසීලන්තය ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන එමිනි.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත් වූ මයිකල් බ්‍රේස්වෙල් හා සැක් ෆෝක්ස් ලකුණු 27 බැගින් රැස් කළේය.

ලකුණු 136ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු  140ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක චරිත් අසලංක නොදැවී ලකුණු 35ක් රැස්කළේය.

තරග දෙකකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායමේ Zakary Foulkes කඩුලු බිඳ හෙලීය.

The post ශ්‍රී ලංකාවට සුපිරි ජයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/TsCaKS2
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.