Loading..

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන කළ CID පරීක්ෂණවල දැන් තත්වය

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ විමර්ශනය පිළිබඳ නිරීක්ෂණ දෙන ලෙස පැමිණිලිකරුවන්ට දැනුම් දී තිබෙනවා.

මානව හිමිකම් කොමිසම විසින් මෙම දැනුම්දීම සිදු කර ඇති අතර  ඒ සඳහා සති දෙකක කාලයක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය 30 වැනි දා පැවති මානව හිමිකම් කොමිසමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාව පිළිබඳ දීර්ඝ ලෙස සමාලෝචනයක නිරත වී තිබුණා.

එහිදී පැමිණිලි පාර්ශ්වය ප්‍රකාශ කර ඇත්තේ, එම වාර්තාවේ සඳහන් ප්‍රශ්න ගණනට වඩා වැඩි සංඛ්‍යාවක් විභාගය පැවැත්වීමට පෙර පිටවී ඇති බවයි.

නමුත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවට අනුව, විභාගයට පෙර පිටව ඇත්තේ, ප්‍රශ්න 3ක් පමණක් බව මානව හිමිකම් කොමිසම සඳහන් කරනවා.

ඒ අනුව, පැමිණිලි පාර්ශ්වයේ නිරීක්ෂණ ලබාදීමෙන් පසු 5 ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් සිය නිර්දේශ ඉදිරිපත් කරන බව මානව හිමිකම් කොමිසම පවසා තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද වෙනනම පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා. 

The post ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන කළ CID පරීක්ෂණවල දැන් තත්වය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/tiSHv9C
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.