Loading..

රාජ්‍ය සේවකයින්ගේ උත්සව දීමනාව 40,000 දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලීමක්

රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙනු ලබන රුපියල් 10,000ක උත්සව අත්තිකාරම් මුදල මෙවර අවම වශයෙන් රුපියල් 40,000 දක්වා හෝ වැඩි කරන ලෙස රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තිය සමිති සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කරනවා.

එම සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර සදහන් කළේ, පවතින ජීවන වියදම් තත්වයත් සමඟ රුපියල් 10,000 උත්සව අත්තිකාරම් මුදල ප්‍රමාණවත් නොමැති බවයි.

එමෙන්ම රජය මගින් පාසල් සිසුන්ට ලබාදෙන රුපියල් 6,000ක දීමනාව රාජ්‍ය නිලධාරින්ගේ දරුවන්ට ලබාදෙන ලෙසට ද ඔහු ඉල්ලීමක් කළා.

The post රාජ්‍ය සේවකයින්ගේ උත්සව දීමනාව 40,000 දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zbR7XmB
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.