ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පරස්පර විරෝධී බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ ජනපති ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ මැතිවරණ සමයේ කළ ප්‍රකාශ අතර බැලූ බැල්මට සමාන කමක් තිබෙන නමුත් රැගෙන එනු ලබන්නේ මේ ප්‍රතිපත්ති ද නැතිනම් අයි.එම් එෆ් සංවිධානය සමඟ එකඟ වූ ප්‍රතිපත්තිද කියන ප්‍රශ්නය තිබෙන බවයි.
“ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ මැතිවරණ සමයේ කළ ප්‍රකාශ අතර බැලූ බැල්මට සමාන කමක් තිබෙනවා.නමුත් ඇත්තටම ගේන්න යන්නේ මේ ප්‍රතිපත්තිද අයි.එම් එෆ් සංවිධානය සමඟ එකඟ වූ ප්‍රතිපත්තිද කියන ප්‍රශ්නය අපට තිබෙනවා.මේ පරස්පර විරෝධී තත්ත්වය හමුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ කෙසේද?අයි.එම්.එෆ් සමග එකඟ වී තිබෙන්නේ මැතිවරණයේදී ඔබලා කියූ ප්‍රතිපත්තිය නොවේ.ලබන වසරේදී ඔබලා බිලියන පන්සියයක් සෙවිය යුතුයි. ඒවා හොයන්නේ කොහොමද?අසීමිත විදියට බදු වැඩි කරනවද?
The post ගෙවන්න තියන බිලියන 500 හොයන්නේ කොහොමද? නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/Io4d8Ax
via IFTTT

