ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, මැසේන්ජර් සහ වට්ස්ඇප් ඇතුළු මෙටාහි සමාජ මාධ්‍ය යෙදුම් තුළ සිදුවු බිඳවැටීම් මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව මෙටා සමාගම පවසයි.
එම සමාගම සඳහන් කළේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙම ගැටලුව උද්ගත වූ බවයි.
බ්‍රිතාන්‍ය, යුරෝපය, ඕස්ට්‍රේලියාව, ආසියාව, දකුණු අමෙරිකාව සහ අමෙරිකාව යන රටවල මෙම යෙදුම් බිඳවැටීම සිදුව තිබේ.
මෙරට තුළද ඊයේ (11) රාත්‍රී 11 පමණ සිට පැය කිහිපයක කාලයක් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍යවල බිඳවැටීම සිදුව තිබුණි.
ඉතා කඩිනමින් අදාළ යෙදවුම් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ බව මෙටා සමාගම සඳහන් කළේය.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මෙටා සමාගම සඳහන් කළේ එම දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත් බවයි.
The post ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් යෙදුම්හි බිඳවැටීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/jrwd9DV
via IFTTT

