Loading..

විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි

දිවයින පුරා ජාතික පාසල් 46 ක 2025 මාර්තු 31 දිනට පවතින විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා සුදුසු නිලධාරීන් තෝරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම් පත් කැඳවා තිබෙනවා.

මේ සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන්ට පමණක් ඉල්ලුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

කොළඹ – රාජකීය, දේවි බාලිකා, වේල්ස් කුමර, ශාන්ත පාව්ලු බාලිකා, ඉසිපතන, පිළියන්දල, ලුම්බිණි සහ හින්දු, ගම්පහ – නිව්ස්ටඩ් බාළිකා සහ බණ්ඩාරනායක, මහනුවර – නුගවෙල සහ ගම්පොළ සහිරා, ගාල්ල – සංඝමිත්තා බාළිකා, ධර්මාශෝක, දේවානන්ද, ශාන්ත ඇලෝසියස්, බටේමුල්ල සහ ඇල්පිටිය ආනන්ද, මාතර – මහින්ද රාජපක්ෂ, තෙලිජ්ජවිල, ශාන්ත තෝමස් පිරිමි, හම්බන්තොට – වීරකැටිය රාජපක්ෂ, වලස්මුල්ල, හුංගම විජයබා, දෙබරවැව, ථෙරපුත්ත, සූරියවැව සහ තංගල්ල බාළිකා, අම්පාර-කාමේල් පාතිමා, යාපනය- වෙම්බඩි උසස් බාළිකා, කමු/මුහමඩ් බාළිකා, කුරුණෑගල – මහසෙන් සහ ශ්‍රී සුමංගල, හලාවත – ආනන්ද, ධම්මිස්සර සහ ජෝශප් වාස්, අනුරාධපුර – අනුරාධපුර, තඹුත්තේගම සහ කැකිරාව, මොනරාගල – බුත්තල දුටුගැමුණු, කෑගල්ල – රුවන්වැල්ල රාජසිංහ, ස්වර්ණ ජයන්ති, රත්නපුර – සීවලී, ආනන්ද මෛත්‍රී, ඇඹිලිපිටිය ජනාධිපති සහ ගොඩකවෙල රාහුල යන ජාතික පාසල්වල මෙම විදුහල්පති පුරප්පාඩු පවතී.

ඉල්ලුම්පත් බාරගැනීම දෙසැම්බර් මස 31 දායින් අවසාන් වේ.

The post විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SM5UKwq
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.