Loading..

පාර්ලිමේන්තු වෙබ් අඩවිය කතානායකගේ තොරතුරු වසන් කරලා

දස වන පාර්ලිමේන්තුවේ අභිනව කතානායකවරයා ලෙස පත්වූ අශෝක සපුමල් රන්වල මහතාගේ ජීව දත්ත සහ අධ්‍යාපන සුදුසුකම් තවමත් පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කර නැහැ.

මින් පෙර පත්වූ කතා නායකවරුන්ගේ ජීව දත්ත එම වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 22 වන කතානායකවරයා ලෙස අශෝක සපුමල් රන්වල මහතා පත් වුණේ,  පසුගිය නොවැම්බර් 21 වෙනිදාය.

ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභිකයෙකු වන ඔහු, මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප ඡන්ද 109,332ක් ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ හය වන ස්ථානයට පත් විය.

අශෝක රන්වල මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරු උපාධිධරයෙක් බවත් ඔහු ජපානයේ වසේදා  විශ්වවිද්‍යාලයෙන් ජෛව රසායනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇති බවත් පසුගිය දිනවල පුවත් වාර්තාවල දැක්වුණි.

නමුත් නව කතානායකවරයාගේ  අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

කතානායක ආචාර්ය අශෝක රන්වල මහතාගේ උපාධිය සම්බන්ධයෙන් රජරට වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශේෂඥ වෛද්‍ය ආචාර්ය කුමාර කළුආරච්චි මහතා විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාගෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පැහැදිලි කිරීමක් ඉල්ලීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ මෙම කතාබහ නිර්මාණය විය.

The post පාර්ලිමේන්තු වෙබ් අඩවිය කතානායකගේ තොරතුරු වසන් කරලා appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qYds8Vn
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.