Loading..

ප්‍රදේශ රැසකට අද වැසි!ප්‍රධාන ජලාශ 27ක් පිටාර මට්ටමේ!

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම අද දිනයේදීම ඌව පළාතේත්, මාතලේ, නුවරඑළිය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ වාර්තාවේ දැක්වෙනවා.

තවද, උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත්, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සඳහන්.

උතුරු, නැගෙනහිර, උතුරු – මැද සහ වයඹ පළාත්වලත්, මාතර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම නිවේදයේ සඳහන් වන්නේ.

මේ අතර ප්‍රධාන ජලාශ 73න් 27ක් මේ වන විට වාන් දමන මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් 07ක් මේ වන විට වාන් මට්ටමට ළඟා වී ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේය.

The post ප්‍රදේශ රැසකට අද වැසි!ප්‍රධාන ජලාශ 27ක් පිටාර මට්ටමේ! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/tO1ziEw
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.