Loading..

ආණ්ඩුවට එරෙහිව රාජ්‍ය සේවකයින් 13,000ක් පාරට

පසුගිය රජය සමයේ දිගින් දිගටම කරන ලද සිය ඉල්ලීම් පිළිබඳව නොසලකා හැර තිබියදී නව රජය කෙරෙහි තැබූ විශ්වාසයද කඩ කිරීම නිසා මූලික පියවරක් ලෙස මෙම තීරණය ගත් බව විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පවසනවා.

අඩුම වශයෙන් සිය වෘත්තීය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාවත් අවස්ථාවක් ලබාදී නැති බවයි ඔහු චෝදනා කරන්නේ.

සිය වැටුප් විශමතා, දීමනා, ගැටලු ඇතුළු ඉල්ලීම් ගණනාවක් සඳහා පැවැති ආණ්ඩුව සාකච්ඡා ලබා දුන්නත් ඒ කිසිදු ඉල්ලීමක් ඉටු නොකළ බවද ඊට එරෙහිව දින 75 ක් තිස්සේ දිවයින පුරා වැඩ වර්ජන, උද්ඝෝෂණ, විරෝධතා, උපවාස ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග රැසක් දියත් කළ බවද ධම්මික එස්. ප්‍රියන්ත මහතා පවසනවා.

මාලිමා ආණ්ඩුව නැවතත් වැඩ වර්ජන ක්‍රියාවලියකට සමස්ත විශ්වවිද්‍යාල සේවක ප්‍රජාව ඇද දැමීමට උත්සාහ ගන්නේ නම් ඊට නොබියව මුහුණ දෙන බවද ඔහු අවධාරණය කළා.

ඒ අනුව සිය වෘත්තීය සමිති කමිටුව ඉදිරියේ දී විරෝධතා ව්‍යාපාරයකින් සිය සටන ආරම්භ කරන බවද ප්‍රශ්නවලට විසඳුමක් නොලැබෙන්නේ නම් වැඩ වර්ජන ක්‍රියාවලියකට හෝ යෑමට සිදුවන බවයි ඔහු පවසන්නේ.

අඩුම වශයෙන් සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටිනවා.

නව රජය බලයට පත් වී මාස තුනකට අධික කාලයක් ගත වී ඇතත් මේ දක්වා සිය ඉල්ලීම්වලට කිසිදු ඇහුන්කන්දීමක් හෝ සිදු වී නැති බවත් ධම්මික එස්. ප්‍රියන්ත මහතා වැඩිදුරටත් පැවසුවා.

The post ආණ්ඩුවට එරෙහිව රාජ්‍ය සේවකයින් 13,000ක් පාරට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/IMnVaNP
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.