Loading..

කාලගුණෙන් සතුටු හිතෙන නිවේදනයක්

අද (17) දිනයේ ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කළේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව, දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය .

එමෙන්ම උතුරු, උතුරු මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී ශීත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කලේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.

The post කාලගුණෙන් සතුටු හිතෙන නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0RLWZij
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.