Loading..

කොටහේනේ වෙඩිතැබීමකින් එක් අයෙක් මරුට! වෙඩික්කරුවන් පොලිසියට කොටුවෙයි!

කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ අද (21) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

මෝටර් සයිකලයක පැමිණි දෙදෙනෙක් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අත​ර වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

තුවාලකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.

වෙඩි තැබීමේ සැකකරුවන් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන තිබේ.

කොටහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post කොටහේනේ වෙඩිතැබීමකින් එක් අයෙක් මරුට! වෙඩික්කරුවන් පොලිසියට කොටුවෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/O9dXLKf
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.