Loading..

අලුත් ත්‍රිරෝද රථ සහ යතුරු පැදි මිල ඉහළ යන්නේ මෙහෙමයි

වාහන ආනයනයේදී පනවා ඇති නව බදු අනුපාත මත ත්‍රිරෝද රථ සහ යතුරු පැදිවල මිල ඉහළ යනු ඇතැයි ආනයනකරුවන් සදහන් කරති.

ත්‍රිරෝද රථයක මිල රුපියල් 650,000 කින් පමණ ඉහළ යනු ඇති අතර රුපියල් තුන් ලක්ෂ පනස් දහසක පමණ වටිනාකමකින් යුත් යතුරු පැදියක මිල රුපියල් ලක්ෂ හතක් දක්වා ඉහළ යනු ඇති බවද ඔවුන් පෙන්වා දෙති.

එමෙන්ම කුඩා පරිමාණයේ ලොරි රථද නව බදු අනුපාත සමගින් මිල ඉහල යනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝෂියේෂන්හි සභාපති ඇන්ඩෘ පෙරේරා මහතා මේ බව සඳහන් කර තිබුණේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

The post අලුත් ත්‍රිරෝද රථ සහ යතුරු පැදි මිල ඉහළ යන්නේ මෙහෙමයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HyIza21
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.