Loading..

ජල ගාස්තුවෙන් ජනතාවට දැනෙන සහනයක්

සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, විදුලි බිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස ජල ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවය.

ජල ගාස්තු අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව සඳහන්ය.

ජල බිල අඩුකිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය ඇතුළත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබේ.

අනතුරුව සභාපතිවරයා විසින් එම වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදීමෙන් අනතුරුව අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

The post ජල ගාස්තුවෙන් ජනතාවට දැනෙන සහනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/wU069nL
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.