මේ වන විට වෙළඳපොළෙහි බිත්තර හා කුකුල් මස් මිල සීඝ්‍ර ලෙස පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව සාමාන්‍ය තත්ත්වයේ කුකුල් මස් කිලෝවක තොග මිල රුපියල් 600 දක්වා පහත වැටී තිබෙන අතර, බිත්තරයක තොග මිලද රුපියල් 22 – 27 සීමාව දක්වා පහත වැටී තිබෙනවා.
කුකුළු මස් හා බිත්තරවල තොග මිල ගණන් මෙතරම් පහත වැටී තිබෙන්නේ කලකට පසුව වීමද විශේෂත්වයකි.
නමුත් ජනතාව චෝදනා කරන්නේ ඇතැම් ප්‍රදේශවල කුකුල් මස් කිලෝවක සිල්ලර මිල තවමත් රුපියල් 900ත් – 1100ත් අතර පවතින බවටයි.
එමෙන්ම බිත්තරයක තොග මිල පහළ ගියද ඇතැම් ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 35 – 40 අතර මිලකට අලෙවි කරමින් ඇති බවයි වාර්තා වන්නේ.
දෛනික ඉල්ලුම ඉක්මවා කුකුල් මස් හා බිත්තර තොග ලැබීම නිසා මෙලෙස මිල පහත වැටී තිබෙනවා.
දෛනික බිත්තර ඉල්ලුම ඉක්මවා බිත්තර තොග ලැබීම නිසා සුදු පැහැති බිත්තරයක තොග මිල රුපියල් 28ක් දක්වාත්, දුඹුරු පැහැති බිත්තරයක තොග මිල රුපියල් 29ක් දක්වාත් පහත වැටී තිබෙන බවද බිත්තර තොග වෙළඳුන් පෙන්වා දෙනවා.
The post බිත්තර හා කුකුළු මස් මිලෙහි දැනෙන වෙනසක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/FmRExWq
via IFTTT

