ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබේ.
පුරා මාසයක් උපවාස ශීලය රැකීමෙන් පසු නව සඳ දැකීමත් සමඟ ඇරඹෙන රාමසාන් උත්සවය මුස්ලිම් ජනතාවට ආගමික වශයෙන් සුවිශේෂි දිනයක්.
කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ ඊයේ නව සඳ දැකීමත් සමඟ අද රාමසාන් සමරන බවයි.
මේ අතර රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා හෙට (01) දිනයේ නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
මෙම නිවාඩු සඳහා හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
The post රාමසාන් උත්සවය අදයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/YFnVWMJ
via IFTTT

